හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන මස්කෙලිය සාමිමලේ ගවරවිල මහ විද්‍යාලයේ සිසු සිසුවියන් සහ දෙමව්පියන් තම පාසලට පලවෙනි ශ්‍රේණියේ සුදුසුකම් ලත් විදුහල්පතිවරයෙකු ඉල්ලා ප්‍රධාන මාර්ග කිහිපයක් අවිහර කරමින් උද්ඝෝෂනයක නිරත විම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය දෙකකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.
මස්කෙලිය සාමිමලේ , සාමිමලේ හැටන් ප්‍රධාන මාර්ගය සාමිමලේ ඕල්ටන් මංසන්ධියෙන් (03) දින පස්වරු 1 සිට 3 දක්වා අවහිර කරමින් උද්ඝෝෂනයක නිරත විය.
ගවරවිල දමිල මහ විද්‍යාලයේ සිසු සිසුවියන් දහසක් පමණ අධ්‍යාපනය ලබන අතර එම පාසලේ මෙතෙක් කල් විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කල අයෙකු දෙමව්පියන්ගේ සහ සිසු සිසුවියන්ගේ ඉල්ලිම මත වෙනත් පාසලකට මාරු කිරිමට හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කටයුතු කර තිබුණි.
එම විදුහල්පතිවරයා වෙනුවට වෙනත් විදුහල්පතිවරයෙකු එම පාසලේ විදුහල්පතිවරයා වශයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් පත් කිරිමෙන් අනතුරුව නව විදුහල්පතිවරයා වැඩ භාර ගැනිමෙන් අනතුරුවයි එම පාසලේ සිසු සිසුවියන් සහ දෙමව්පියන් මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂනයේ නියැලුණේ.
දේශපාලන බලපැමක් මත විදුහල්පති තනතුර සදහා සුදුසුකම් නොමැති අයෙකු තම පාසලට විදුහල්පතිවරයා වශයෙන් පත් කර එවා ඇති බවත්, එවැනි සුදුසකම් නොමැති විදුහල්පතිවරයෙකුට තම පාසලේ පරිපාලන කටයුතු සිදු කරගෙන යාමට නොහැකි බවයි ගවරවිල දමිල මහ විද්‍යාලයේ සිසු සිසුවියන් සහ දෙමව්පියන් චෝදනා කර සිටින්නේ.
උද්ඝෝෂනය නිසා පැය දෙකක පමණ කාලයක් ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු අවහිර වි තිබු නිසා මස්කෙලිය පොලිසියේ නිලධාරින් උද්ඝෝෂනයේ නියැලි සිටි පාසල් සිසුන් සහ දෙමව්පියන් වෙත පැමිණ ගැටළුවට කඩිනමින් අධ්‍යාපන බලධාරින් සමග සාකච්ඡා කර විසදුමක් ලබාදෙන බවට පොලිසිය විසින් ලබාදුන් පොරොන්දුවක් මත ප්‍රධාන මාර්ගව අවහිර කරමින් සිදු කල උද්ඝෝෂනය තාවකාලිකව නතර කිරිමට පාසල් ළමුන් සහ දෙමව්පියන් එකග විය.