හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය අසල පෞද්ගලික ඉඩමක හටගත් ගින්නකින් අක්කරයක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
හැටන් පොන්නගර් ප්‍රදේශයේ එම පෞද්ගලික ඉඩමේ හටගත් ගින්න සිඝ්‍රයෙන් කදු මුදුණ දක්වා පැතිර යමින් තිබුණි.
ඉලුක් සහිත එම ඉඩමේ ගින්න සිඝ්‍රයෙන් පැතිර ගිය නිසා හැටන් පොලිසියේ නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරා පැතිර යමින් තිබු ගින්න පාලනය කිරිමට සමත් විය.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් විසින් රක්ෂිත සහ මෙවැනි ඉඩම් වලට ගිනි තැබිම් සිදු කරන නිසා විශාල පරිසර හානියක් සිදු වි ජල මුලාශ සිදිමේ අවධානමකටද ලක් වි ඇත.
මෙසේ රක්ෂිත වලට සහ ඉඩම් වලට ගිනි තබන අය වෙතොත් එ පිලිබදව ළගම ඇති පොලිස් ස්ථානය වෙත දැනුවත් කරන හැටන් පොලිස් අධිකාරිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.