හැටන් නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට ප්රධාන මාර්ග හරහා සුදු ඉර මතින් පාර මාරු විමට ගිය තරුණියක් අධික වේගයෙන් පැමිණි ලොරි රථයකට ගැටි එම තරුණිය අඩි කිහිපයක් ඉදිරියට විසි වි තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.
සුදු ඉර අසල පදිකයන්ට මාරු විමට අවස්තා ලබා දි අනතුර සිදු කල ලොරි රථයට ඉදිරියෙන් මොටර් රථයක් නතර කර තිබු අතර එම මොටර් රථයද ඉස්සර කරමින් ලොරි රථයේ රියදුරා ලොරි රථය ඉදිරියට ධාවනය කිරිමට උත්සහ කිරිමේදි සුදු ඉර මතින් මාර්ගය මාරු වෙමින් සිටි තරුණිය ලොරි රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.
අනතුර සිදු කල ලොරි රථයේ රියදුරා හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවවට ගෙන ඇති අතර ඔහුට එරෙහිව හැටන් මහෙස්ත්රාත් අධිකරණයේ නෛතික පියවර ගන්නා බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකු පැවසිය.