Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලංකා වාණිජ මණ්ඩලයේ  ප්‍රධාන විධායක ලෙස මංජුල ද සිල්වා පත් කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මංජුල ද සිල්වා මහතා 2020 පෙබරවාරි 1 වන දින සිට ලංකා වාණිජ මණ්ඩලයේ මහලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස වැඩ භාර ගැනීමට නියමිත ය. 2016 මාර්තු මාසයේ සිට එම ධුරයේ සේවය කොට විශ්‍රාම ගන්නා ධාරා විජයතිලක මහත්මියගෙන් ඇතිවන පුරප්පාඩුව ඔහු විසින් සපුරනු ලැබේ.

සිල්වා මහතා ශ්‍රී ලංකාවේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසත්, ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති ධූරය, HNB ඇෂුවරන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී ධූරයන්, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය ඇතුළු පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් දරා ඇත.

සිල්වා මහතා 2016 දී වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපති ලෙස සේවය කළ අතර පසුව මැදපෙරදිග, දකුණු ආසියාව සහ උතුරු අප්‍රිකානු කලාපීය මණ්ඩලයට ද පත් කරන ලදී. ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ සහ ශ්‍රී ලංකා ඒකක භාර අරමුදල් සංගමයේ හිටපු සභාපතිවරයෙකි.

වර්තමානයේ සිල්වා මහතා BPPL හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සහ 2017 සිට .ටී ස්මෝල්හෝල්ඩර් පීඑල්සී’ හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කරයි.

සිල්වා මහතා 1996 සිට ලංකා වාණිජ මණ්ඩලය හා සම්බන්ධව සිටි අතර, වාණිජ මණ්ඩල කමිටුවේද සේවය කර තිබේ. ඔහු මේ වන විටත් නව වැඩසටහන් කිහිපයක ම ක්‍රියාකාරීව කටයුතු කරයි. ඔහු රක්ෂණ පිළිබඳ මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.

ඔහු දැනට වාණිජ මණ්ඩල ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයුම් කමිටුවේ මෙන්ම රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික න්‍යාය පත්‍ර කමිටුවේ සාමාජිකයෙකු ලෙස සේවය කරයි.

Scroll to Top