ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන නගර අලංකරණ වැඩසටහනට සමගාමිව නුවරඑලිය කොත්මලේ බෙරමාන්න මධ්‍යම මහ විද්‍යාලයේ සිසු සිසුවියන් විසින් නිර්මාණය කරන ලද බිතු මුර්ති සිතුවම් පසුගිය දා විවෘත කරනු ලැබුහ.
එම විද්‍යාලයේ විදුහල්පති රාවණාගොඩ ධම්මාලෝක හිමියන් විසින් එම පාසලේ සිසු සිසුවියන් , ප්‍රදේශවාසින්ගේද සහයෝගය ඇතිව පාසලේ ආරක්ෂිත පැති බැම්මේ හැටන් රාවණාගොඩ ප්‍රධාන මාර්ගෙයේ කොටස් මහනුවර සම්ප්‍රදායට අනුකුලව නිර්මාණය කරන ලද බිතු මුර්ති සිතුවම් නිර්මාණය කර ඇත.
සිමෙන්ති,වැලි සහ තින්ත උපයෝගි කර ගනිමින් පාසල් සිසුන් විසින් නිර්මාණය කරන ලද බිතු මුර්ති සිතුවම් ඉතා අලංකාරව නිර්මාණය කර තිබු අතර එය දැක බලා ගැනිමට ප්‍රදේශවාසින් විශාල පිරිසක් පැමිණ සිටිහ.