Aboutceylon Online

පොඩයිස් කන්දේ ගින්නක් ගින්න සිඝ්‍රයෙන් පැතිර යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ගින්නක් හට ගෙන ඇත.

දුම්රිය මාර්ගයට ආසන්නයේම ඉලුක් සහිත රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තැබිම නිසා හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර උඩරට දුම්රිය මාර්ගයේ දෙපස රක්ෂිතයේ (31) දින දහවල් 12 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පැවසන්නේ.

දුම්රිය මාර්ගයේ දෙපස රක්ෂිතයේ ගිනන් හට ගත්තද දුම්රිය ගමනා ගමනයට කිසිදු බාධාවක් වි නොමැති අතර , දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.

මේ අතර හැටන් දික්ඔය පොඩයිස් කදුවැටියේද (31) දින දහවල් ගින්නක් හටගෙන ඇත.

ගින්න සිඝ්‍රයෙන් කදු මුදුණ දක්වා පැතිර යමින් පවති .

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් විසින් රක්ෂිතවලට ගිනි තැබිම් සිදු කරන බව ප්‍රදේශවාසින් පවසයි.

මෙසේ රක්ෂිතවලට ගිනි තැබිම නිසා එම රක්ෂිත තුල වෙසෙන වන සතුන්ද විනාශ වි යාමේ අවධානමකට ලක් වි ඇති බවයි පරිසරවේදින් කියා සිටින්නේ.

රක්ෂිතවලට ගිනිතබන අය පිලිබදව තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන දැනුම් දෙන ලෙස හැටන් පොලිස් අධිකාරි   චුලනි විරරත්න මහතා ප්‍රදේශවාසින්ගෙන් ඉල්ලා සිටියි.

Scroll to Top