Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

එලවලු  ලොරි රථයකින් රු ලක්ෂ 4 ½ මුදලක් පැහැරගෙන ගනියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වේයන්ගොඩ සිට නුවරඑලිය හරහා කැප්පටිපොල දක්වා ධාවනය වු ලොරි රථයක් හරස් කර එම ලොරි රථය තුල තිබුණේ යැයි කියන රු ලක්ෂ 4 ½ මුදලක් පැහැරගත් බවට එම ලොරි රථයේ රියදුරා විසින් වටවල පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව වටවල පොලිසිය පැවසිය.

කැප්පටිපොල සහ නුවරඑලිය ප්‍රදේශවල එලවළු ගොවින්ගෙන් එලවළු තොග එක්රැස් කර වේයන්ගොඩ ප්‍රදේශයට ගොස් අලෙවි කර එ සදහා මුදල්ද රැගෙන යලිත් කැප්පටිපොල දක්වා ලොරි රථය ධාවනය කරවන අවස්තාවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේදි වටවල රොසැල්ල මංසන්ධියේදි මොටර් රථයකින් පැමිණි පස්දෙනෙකු විසින් (31) රාත්‍රි 12.30 ට පමණ ලොරි රථය හරස් කර වැන් රථය නවත්වා උල් ආයුධයක් පෙන්වා රියදුරාගෙන් මුදල් ඉල්ලා ඇති බවයි පොලිසිය පැවසුවේ.

රියදුරා මුදල් නොමැති බව පැවසිමත් සමග මංකොල්ලකරුවන් විසින් රියදුරාව බිය ගන්වා ලොරි රථයේ සගවා තිබු මුදල් රැගෙන එම මොටර් රථය හැටන් දෙසට පලා ගිය බව එම ලොරි රථයේ රියදුරා වන සුනිල් අප සමග කියා සිටියා.

එලවළු ලොරියේ මුදල් පැහැර ගැනිම සම්බන්ධයෙන් වටවල පොලිසිය සහ  හැටන් පොලිසිය එකාබද්ධව මේ වන විට විමර්ෂණයක් ආරම්භ කර ඇත.

Scroll to Top