මෙක්සිකෝ දේශ සීමාවෙන් අඩි 70ක ගැඹුරකින් පිහිටා ඇති අතර උස අඩි 5.5ක් සහ පළල අඩි දෙකක් පමණ නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගනු ලැබු දිගම උමං මාර්ගය සොයාගත් බව ඇමරිකානු නිලධාරීහු පවසති.
උමං මඟ දිගේ විහිදෙන සෝපානයක් සකස් කර ඇති බවද සදහන් වේ.
ලෝකයේ විශාලම මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානයක් වන මෙක්සිකෝවේ සිනාලෝවා කණ්ඩායමට අයත් උමං මාර්ගයක් බවට ඇමරිකානු නිලධාරීහු සැක පලකරති.
අඩි 4309ක් දිග මෙම උමං මාර්ගයේ දුම්රිය මාර්ගයක් ඇති බව සදහන් වේ.