Aboutceylon Online

ශ්‍රී ලංකාවේ ප්‍රවාහණ හා බලශක්ති ගැටලුවලට විසඳුම් ජර්මනියෙන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේ දිනවල ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාරික කටයුතු ව්‍යාප්ත කිරීමට ඇති අවස්ථා සොයා බැලීම සඳහා නිල වශයෙන් සංචාරයක නිරත ව සිටින ජර්මනියේ කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශයේ නියෝජිත පිරිස  ප්‍රවාහණ කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවිය.

හිල්ටන් රෙසිඩන්සීස් හෝටලයේ දි පැවැති Programme on Conference on Sustainable Mobility, Traffic and Public Transport  Solutions and Logistics යනුවෙන් පැවැති සම්මන්ත්‍රණයේන් අනතුරුව  එම නියෝජිත පිරිස අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති Jorn Rohde, Dr. Stephan Hessalmann, Head of the Unit Mobility concepts, Transport policy  at the German Federal Ministry for Economic Affairs and Energy, Mr. Andreas Herganrother – Chief Delegate of German Industry and Commerce in Sri Lanka සහභාගි වූහ.

මෙහිදී ශ්‍රී ලංකාවේ තදාසන්න නගරවල පවතින අදික වාහන තදබදය රටේ සංවර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇති බව කී අමාත්‍යවරයා වත්මන් රජය යටතේ වාහන තදබදය අවම කිරීම මෙන්ම පොසිල ඉන්ධන භාවිතය නිසා සිදුවන පරිසර දූෂණය අවම කරලීමත් රජයේ අවධානය යොමු වී ඇති බව කීය.

එමෙන්ම 2030 වනවිට ශ්‍රී ලංකාව හරිත බළශක්තිය භාවිතා කරන රටක් බවට පත් කිරීම වත්මන් ජනාධිපතිතුමා ද සිට ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පෙන්වා දී ඇතැයි කී අමාත්‍යවරයා තම අමාතයාංශය ප්‍රමුඛත්වය ලබා දෙන්නේ හැකි තරම් පරිසර හිතකාමි ප්‍රවාහණ පද්ධතියක් ස්ථාපිත කිරීමට මෙන්ම හරිත බලශක්ති ප්‍රවර්ධනය සඳහා බව කීය.

එහිදී අදහස් පළ කළ එම නියෝජිත පිරිස විදේශ ආයෝජනවල දී වැදගත්වන සාධක අතර රටේ මාර්ග පද්ධතියේ යහපත්බව, ශක්තිමත් ප්‍රවාහණ පද්ධතියක් රටක් තුළ තිබීම මෙන්ම වේගයෙන් තම කටයුතු කළ හැකි ජනතාවක් රට තුළ ස්ථාපිතව සිටීම බව ද අවධාරණය කලේය.

කෙසේ වුවද මේ වනවිට ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ තිබෙන සාමකාමී ම රටක් වන හෙයින් විදේශීය ආයෝජකයින් ගේ අවධානය හ්‍රී ලංකාවට යොමු විය යුතු බවත් කීය.

තම රට විසින් සංවිධානය මෙම සම්මන්ත්‍රණයේ අරමුණ ද තම රටේ භාණ්ඩ නිෂ්පාදන සමාගම්වලට ලංකාව තුළ ආයෝජනය සඳහා ඇති අවස්ථාවන් හඳුනාගැනීම බව ද එම පිරිස සඳහන් කළේය

Scroll to Top