දේවාලයේ පුජාවක් සදහා පැමිණ කාන්තාවකගේ රන් භාණ්ඩ තොගයක් සොරා ගත් කපුවකු අත් අඩගුවට ගත් බව ජා-ඇල පොලීසිය පවසයි.
ජා-ඇල වහටියගම ප්රද්ශෙයේ පවත්වාගෙන යන දේවාලයක පූජාවක් සඳහා නුගේගොඩ ප්රදේශයේ සිට කාන්තාවක් පැමිණ තිබේ. ඇයට දේවාලයේ කපුවා පවසා ඇත්තේ මතුරන ලද පොල් ගෙඩියක් රැගෙන දේවාලය තුලට ගොස් පොල් ගසන ලෙසයි.
දේවාලය ඇතුලට යන විට ඇය සතු අත් බෑගය දේවාලයෙන් පිටත තබා යන ලෙස කපුවා ඇයට උපදෙස් ලබා දී ඇත. ඇය තම තේවා කටයුතු සිදු කර නැවත සිය නිවසට යාමට පිටත්ව බස් නැවතුම්පොළ වෙත පැමිණ තිබේ.
එම අවස්ථාවේ ඇය අනාවරණය කරගෙන ඇත්තේ තමන්ගේ ගමන් මල්ලේ පසුම්බියේ වු රන් භාණ්ඩ තොගයක් නොමැති බවයි. පසුව ඇය ඒ පිළිබඳව ඒ මොහොතේ ම ජා-ඇල පොලීසිය ට පැමිණිලි කර තිබේ.
පසුව පෙලීසිය දේවාලයට ගොස් කරනු ලැබු පරික්ෂාවේදී දේව රුපයක් තුළ සගවා තිබූ රන් භාණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වු බව පොලීසිය පවසයි.
මෙලෙස සොයා ගත් පවුම් පහකට අධික රන් භාණ්ඩ අතර රන් වළලු 2ක්, රන් පෙන්ඩනය ක් සහිත මාලයක්, රන් අත් පලදනාවක් හා මුදු 2 ක් වු බව පොලීසිය පවසයි.
අත් අඩගුවට ගත් සැකකාර කපුවා 29 දා වැලිසර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ජා-ඇල වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ආර්. බී. ආර්. ජේ. ධර්මකීර්ති මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් කරුණාරත්න (11035), කාන්තා පොලිස් කොස්තාපල් නයෝමි (11099), සිවිල් ආරක්ෂක නිලධාරීන් වන සිල්වා (19339), ජගත් (39629) පොලිස් කොස්තාපල් රියදුරු දේවක (89450) යන මහත්වරුන් විසින් සැකකරු අත් අඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු සිදු කරනු ලැබීය.