හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන මස්කෙලිය සාමිමලේ ගවරවිල දමිල මහ විද්‍යාලය ඉදිරිපිට එම පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සහ ඔහුන්ගේ දෙමව්පියන් පාසල ඉදිරිපිට අද (30) දින උද්ඝෝෂනයක නිරත විය.
තම පාසලේ විදුහල්පතිවරයා සහ දමිල විෂය උගන්වන ගුරුවරයෙකු මාරු කරන ලෙස බලකරමිනුයි සිසු සිසුවියන් සහ දෙමව්පියන් උද්ඝෝෂනයක නිරත වි සිටියේ.
වසර ගණනාවකින් කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු කිරිමට විදුහල්පතිවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, එම පාසලේ විදුහල්පතිවරයා සහ දමිල විෂය උගන්වන ගුරුවරයෙකු අතර, ඇති වි තිබේ යැයි කියන මත භේදයක් හේතුවෙන් දමිල විෂය උගන්වන ගුරුවරයා (29) දින වස පානය කිරිමෙන් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවද උද්ඝෝෂනයේ නියැලි සිටි දෙමව්පියන් කියා සිටියි.
අදාල විදුහල්පතිවරයා සහ ගුරුවරයා තම පාසලේ වසර ගණනාවක් සිටම සේවය කරන බවත්, තම පාසලේ අධ්‍යාපන කටයුතු ඉහල නැංවිමට චෝදනා ලබා සිටින විදුහල්පතිවරයා සහ ගුරුවරයා කටයුතු නොකරන බවයි උද්ඝෝෂනයේ නියැලි සිටින සිසු සිසුවියන්ද කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් අප එම විදුහලේ විදුහල්පතිවරයාගෙන් කරුණු විමසිමට උත්සහ කලත් එය ව්‍යාප්ත වු නිසා අප මේ සම්බන්ධයෙන් හැටන් කලාප අධයාපන කාර්යයාලයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ සිසු සිසුවියන් සහ දෙමව්පියන් සිදු කරන උද්ඝෝෂනය සම්බන්ධයෙන් විමර්ෂනයක් සිදු කිරිම සදහා තම කාර්යයාලයේ අධ්යක්ෂවරුන් එ වෙත යොමු කර ඇති බවයි.