පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යු.කේ පැල්පොල මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 12 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඇප ලබාදුන්හොත් නඩුවේ සාක්ෂිකරුවන්ට වෙනත් පුද්ගලයින් මාර්ගයෙන් බලපෑම් කිරීමට ඉඩ ඇති බැවින් නඩු කටයුතු අවසන් වනතුරු රන්ජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
තවදුරටත් සිද්ධිය පිළිබඳ විමර්ශන දීර්ඝව ක්‍රියාත්මක කරන බැවින් මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාව යළිත් බන්ධනාගාරගත කර තිබේ.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේ විමර්ශන අවසන් වනතුරු මන්ත්‍රීවරයාට ඇප ලබාදීමට විරුද්ධ බව අධිනීතිඥවරයා කියා සිටියි.