හැටන් නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිව සිට රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර දැනට අචාර්යය උපාධිය හැදැරිම සදහා චිනයේ වුහාන් ප්‍රදේශයේ රැදි සිටන ප්රගිත් රොෂාන් විරතුංග මහතා වි.චැට් තාක්ෂණය ඔස්සේ මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ දැඩි අවදානම් කලපයේ සිටින ශ්‍රි ලාංකික සිසුන් ඉවත් කර ගැනිමට ශ්‍රි ලංකා තනාපති කාර්යාලයෙන් මේ වන විට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
චිනයේ වුහාන් ප්‍රදේශයේ කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති දැඩි අවධානම් කලාපයක් ලෙස හදුනාගෙන ඇති බවත්, එම කලාපය තුල විශ්ව විද්‍යාල කිහිපයකම ශ්‍රි ලාංකිය සිසු සිසුවියන් විශාල පිරිසක් අධ්‍යාපන කටයුතු වල නියැලි සිටින බවයි.
පවත්නා තත්ත්වය මත එරට විශ්ව විද්‍යාල බලධාරින් නේවාසිකාගාරවලින් බැහැරව නොයන ලෙස උපදෙස් ලබා දි ඇති බවත්, තමන් චිනයේ පිහිටි ශ්‍රිලංකා තනාපති කාර්යයාල සමග නිතර සම්බන්ධතා පැවැත්වුවද ශ්‍රි ලංකා තනාපති කාර්යයාලයේ බලධාරින් වුහාන් ප්‍රදේශයේ රැදි සිටින ශ්‍රි ලාංකික සිසුන් මෙතෙක් ඉවත් කර ගැනිමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
එම අවධානම් කලාපය තුල සිටින ශ්‍රි ලංකා සිසුන්ට කොරෝන වෛරසය වැලදි නොමැති බවට තහවුරු වි ඇති බවත්, තමන් සමග සිටින අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 31 දෙනෙකු රැදි සිටින බවත්, විවිධ දුෂ්කරතා සහ අවම පහසුකම් යටතේ නේවාසිකාගාර වලට වි සිටින බවයි.
තමන් ඇතුළු චිනයේ වුහාන් අවධානම් කලාපයේ සිටින ශ්‍රි ලාංකික සිසු සිසුවියන් මෙරටට ගෙන්විමට කටයුතු කරන ලෙසද ප්රගිත් රොෂාන් විරතුංග මහතා මෙරට බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.