Aboutceylon Online

තම ගෙවත්තේ අවසරෙන් මැණික් ගැරු සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් එලවළු වගා භුමියක අවසරෙන් මැණික් ගැරු සැකකරුවන් තිදෙනෙක් බගවන්තලාව පොලිසිය විසින්අත්අඩංගුවට ගෙන ඇත.

බගවන්තලාව පොලිස් වසමට අයත් කිලානි තේ වත්තේ සැකකරුවන් පදිංචි වතු නිවාස පේලියට පිටුපස එලවළු වගා භුමියක අනවසරෙන් මැණික් ගරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වි මෙහෙයුමක් දියත් කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් එම වත්තේම පදිංචිකරුවන් බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර සැකකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.

Scroll to Top