නාගාරික සංවර්ධන අධිකාරි කාර්යයාලයට අයත් හැටන් නගරයේ මල්ලිඅප්පුව ප්රදේශයේ පිහිටි තානායම (28) දින අලුයම 4 ට පමණ ගින්නක් හට ගත් බව හැටන් පොලිසිය පැවසිය.
නාගරික සංවර්ධන අධිකාරි කාර්යයාලයට අයත් හැටන් තානායම නාගරික සංවර්ධන අධිකාරි කාර්යයාලය මගින් ටෙන්ඩර් පත් කැදවා දිර්ඝ කාලිනව එම තානායම පවත්වාගෙන යාමට වැඩිම ටෙන්ඩර් පත් ඉදිරිපත් කල ටෙන්ඩර් පත් හිමියාට භාරදෙන අතර දැනට වසර ගණනාවක සිට එම තානායම පවත්වාගෙන යාමට කිසිවෙක් ඉදිරිපත් නොවු නිසා හැටන් තානායම වසරක පමණ කාලයක් වසා දමා පාලුවට ගොස් තිබුණි.
(28) දින අලුයම 4 ට පමණ හටගත් ගින්න හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයත් , හැටන් පොලිසියේ නිලධාරින්ද එක් ව පාලනය කිරිමට සමත්විය.
පැතිර ගිය ගින්න පාලනය කරන විටත් හැටන් තානායමේ වහල , සිවිලිම ඇතුළු තානායම ඇතුලත තිබු ගෘහ උපකරණ කිහිපයක් ගිනිගෙන විනාශ වි තිබුණි.
කාලයක් තිසසේ වසා දමා තිබු හැටන් තානායම තුලට කිසියම් පිරිසක් ඇතුල් වි මත්පැන් පානය කර ඇති බවට ගින්න හට ගන්නා අවස්තාවේ තානායම තුලට ගිය අපට දක්නට ලැබුණි.
ගින්නට හේතුව මෙතෙක් ආනාවරණය නොවු අතර , ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්න පිලිබදව හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.
හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්රන් මහතා කියා සිටියේ 1975 වසරේ ඉදිරි කරන ලද හැටන් තානායම කාලයක් තිස්සේ පවත්වාගෙන නොයැම නිසා හැටන් තානායම හැටන් දික්ඔය නගර සභාව මගින් පවත්වාගෙන යාමට නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉල්ලිමත් කල බවත්, එම ඉල්ලිමට නාගරික සංවර්ධන අධිකාරි කාර්යයාලය මගින් කිසිදු ප්රතිචාරයක් නොදැක් වු බවයි.