Aboutceylon Online

චීන කත සැරිසැරූ තැන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නව කොරෝනා වෛරසය ආසාධනය වූ චීන කාන්තාව දින හයක කාලයක් මෙරට විවිධ ප‍්‍රදේශවල සංචාරය කර ප‍්‍රධාන පෙලේ හෝටල් වල නවාතැන්ගෙන ඇති බවට අනාවරණය කරගෙන ඇත.

19 වැනිදා කටුනායක ගුවන්තොටුපළ ආසන්නයේ පිහිටි හෝටලයකත් 20 වැනිදා සීගිරිය ප‍්‍රදේශයේ හෝටලයකත් 21 වැනිදා නුවර ප‍්‍රදේශයේ සංචාරයක නිරතව ඇති අතර 22 වැනිදා නුවරඑළිය ප‍්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන 23 හා 24 දෙදින ගාල්ල ප‍්‍රදේශයේ සංචාරයකර අහුන්ගල්ලේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන ඇති අතර එහිදී මෙම චීන ජාතික කාන්තාවට උණ රෝගය වැළඳීම හේතුවෙන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇති බවත් වාර්තා වේ.

පෞද්ගලික සංචාරක ආයතනයකින්  තරුණියන් දෙදෙනෙකුගේ සේවය ලබාගෙන ඇති බවට වාර්තාවී ඇති බවත් එම තරුණියන් දෙදෙනා හා ඔවුන් මෙරට රැඳී සිටිකාලය ඇතුළතදී ඇසුරුකළ පිරිස් සම්බන්ධයෙන්ද සොයා බැලිම් සිදුකරන බව සදහන් වේ.

 

Scroll to Top