සිසුන් 21 දෙනෙකු අද (27) දහවල් ශ්‍රී ලංකාව බලා ඒමට පිටත්වූ බවයි බිජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
තවත් සිසුන් 30 දෙනෙකු ගෙන්වා ගැනීමේ කටයුතු ජනාධිපති කාර්යාලය, විදේශ සබඳතා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව අඛණ්ඩව සිදු කරයි.
වූහාන් ප්‍රදේශයට ඇතුළු වීමට සහ පිටවීමට පනවා ඇති තහනම මෙතෙක් ඉවත් කර නොමැති බැවින් එහි සිටින සිසුන් රැගෙන ඒම පිළිබඳ චීන රජය සමඟ සාකච්ඡා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
චීනයේ සිට පැමිණෙන සියලුම ගුවන් මගීන්ට පිටවීමේ වෙනම පර්යන්තයක් ස්ථාපනය කිරීමට ද සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.
චීනයේ සිටින ලාංකික සිසුන් ගේ තොරතුරු එක් රැස් කිරීම මේ වන විට අවසන් කර ඇත. එමෙන්ම කොරෝනා වෛරසය මැඩලීමේ ජාතික ක්‍රියාකාරී කමිටුව අද දිනයේදී රැස්වීමට නියමිතව ඇත.
යම් අයෙකු උණ රෝගියෙකු බව හඳුනාගතහොත් වහාම අයි.ඩී.එච් රෝහල වෙත යොමු කිරීමට ගිලන් රථ සහ සෙසු පහසුකම් ද සුදානම් කර ඇත.