කොළඹ සිට තලවකැලේ ඩයගම දක්වා ධාවනය වු ධාවනය වු ත්රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 පමණ ප්රපාතයකට පෙරලිමෙන් එම ත්රිරෝද රථයේ රියදුරා සහ පසුපස අසුනේ ගමන් තවත් අයෙකු බරපතල ලෙස තුවාල ලබා වටවල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු රියදුරුගේ තත්ත්වය බරපතල නිසා ඔහු වැඩිදුර ප්රතිකාර සදහා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසිය.
අද (26) දින අලුයම 3 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොලඹ ප්රධාන මාර්ගයේ වටවල කැරොලිනා වත්ත ප්රදේශයේදිය.
ධාවනය වෙමින් තිබු ත්රිරෝද රථයේ රියදුරාට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් ත්රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය කියා සිටියේ .