Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වූහාන් ප්‍රාන්තයේ ලාංකික සිසුන් වහාම ගෙන්වන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා උබේ ප්‍රාන්තයේ ශ්‍රී ලංකා ධූත මණ්ඩලයේ සහය ලබා ගෙන වාහම ශ්‍රී ලංකික සිසුන් ආපසු ගෙන්වා ගැනීමට විධි විධාන සලස්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සබඳතා අමාත්‍යංශයට උපදෙස් දී ඇත.

සිසුන් වෙනුවෙන් සියලු ගුවන් ටිකට් පත් වියදම් ආණ්ඩුව දරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට 53 දෙනකු මියගොස් ඇති අතර වෛරසය පැතිර ගොස් රටවල් ගණන 11ක්. මියගිය අය අතර වෛද්‍යවරයෙකුද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීන සෞඛ්‍ය බලධාරීන් සැක කරන්නේ, වවුලන්ගේ මාංශවලින් සාදන සුප් සහ සර්ප මාංශ අනුභවය මෙම වෛරසය පැතිර යාමට හේතුවක් විය හැකි බවයි.

චීනයේ  වූහාන් ඇතුළු නගර 18 ක් මේ වන සම්පූර්ණයෙන් වසා දමා තිබේ.

Scroll to Top