Aboutceylon Online

පැයට කිලෝමීටර 260 ක වේගයකින් ධාවනය කළ හැකි ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත Vega නැව් නගී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට මෝටර් රථ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් ශ්‍රී ලංකාවේ Vega Innovations විසින් නිෂ්පාදනය කරන ලද පරිපූර්ණ ඉලෙක්ට්‍රික්  Vega EVX සුපිරි මෝටර් රථය එළඹෙන මාර්තු 05 – 15 දක්වා ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වෙන 90 වැනි ජිනීවා මෝටර් රථ උළෙලේ දී මුල් වරට ප්‍රදර්ශනය  කිරීමට නියමිතයි.

Vega EVX සුපිරි කාරය පැයට කිලෝමීටර 260 වේගයක් ලබා ගැනීමට සමත් වේ. ඉලෙක්ට්‍රික් කාරයක් වන මෙය එක් ආරෝපණයකින් කිලෝමීටර 270 ක දුරක් ධාවනය කිරීමට තරම් ප්‍රබල බැටරි ධාරිතාවයකින් සන්නද්ධය.

මෙය දකුණු ආසියාවේ පළමු වරට නිර්මාණය කරන ලද පරිපූර්ණ ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථය වේ.

 

Scroll to Top