2019/12/01 දින සිට පාරිභෝගිකයින්ට ලබා දුන් බදු සහන ලබා නොදුන් සමාගම් පිළිබදව අප සංවිධානය විසින් 2019/12/06 වන දින විදුලි සංදේශණ කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලට අනුව උක්ත කොමිසම විසින් කරන ලද විමර්ශණයේදී Etisalate සහ Hutch සමාගම් වීසින් 2019/12/01 දින සිට 2019/12/03 දින දක්වා බදු සහන පාරිභෝගිකයින්ට ලබා නොදුන් බව පිළිගෙන ඇත.
ඒ අනුව විදුලි සංදේශණ කොමිෂන් සභාව අදාල සමාගමට නියෝග කර ඇත්තේ 2019/12/01 දින සිට 2019/12/03 දින දක්වා වූ බදු සහන පාරිභෝගිකයින්ට ලබා දීම සදහා කටයුතු කරන ලෙසය.
ජනතාවට බදු සහන ලබා නොදුන් සමාගම් පිළිබදව හෙළිදරව්වක් ඉදිරියේදී කිරීමට අප සංවිධානය බලාපොරොත්තු වෙමු.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
දුරකතන ගාස්තු අඩු නොකිරීම පිළිබදව කරනු ලබන පැමිණිල්ල
2019 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් වූ ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මැතිවරණ ව්‍යාපාරයේ පොරොන්දුවක් ඉටුකරමින් 2019/12/01 දින සිට ජනාතාව සදහා වීවිධ බදු සහන ලබා දෙන ලදී. ඒ අනුව 2019/12/01 දින සිට දුරකතන සදහා වන බදුද අඩු කරන ලදී.
එසේ තිබියදී මෙරට දුරකතන සමාගම් එම සහන පාරිභෝගිකයාට ලබා නොදී සිය ලාභය වැඩි කර ගැනීම සදහා කටයුතු කරමින් සිටී.
01.භාවිතා කරන ප්‍රමාණය අනුව මුදල් අය කිරීම (Pay as you go) යටතේ වන බදු මුදල් 2019/12/01 දින සිට වෙනත් සමාගම් අඩු කලද Hutchison Asia Telecom සමාගම අඩු කරන ලද්දේ 2019/12/03 දින මධ්‍යම රාත්‍රීයේ සිටය.
- නියමිත මුදල සදහා වන (Bunddle) සදහා වන බදු සහන සියලුම සමාගම් විසින් පාරිභෝගිකනයාට ලබා දීමට කටයුතු කරන ලද්දේ 2019/12/03 මධ්‍යම රාත්‍රීයේ සිටය. එහිදීද බදු මුදල් අඩු නොකල අතර ලබා දෙන ඩේටා ප්‍රමාණයන් වැඩි කොට ඇත.
මේ පිළිබදව වීධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් 2019/12/01 සිට පාරිභෝගිකයාට ලබා දිය යුතු එහෙත් 2019/12/03 දින දක්වා පාරිභෝගිකයාට ලබා දී නොමැති බදු සහනය ඉතාම ඉක්මනින් පාරිභෝගිකයාට ලබා දීම සදහා කටයුතු කරන ලෙසත් ඔබ කොමිසමෙන් ඉල්ලා සිටිමු.