Aboutceylon Online

ජාත්‍යන්තර මුහුදු සීමාවේ ත්‍රිකුණාමල වරාය අසළින් ගමන් ගන්නා යාත්‍රා පිළිබඳ සොයා බලන පද්ධති අක්‍රියයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජාත්‍යන්තර මුහුදු සීමාවේ ත්‍රිකුණාමල වරාය අසළින් යාත්‍රා කරනා නෞකා ප්‍ර‍මාණය අති විශාල වන බවත් එම යාත්‍රා ත්‍රිකුණාමල වරාය වෙත ආකර්ෂණය කරගැනීමට කටයුතු කිරීම වරාය සතු වගකීමක් වන බවත් වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග සංවර්ධනඅමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි.

මේ බව පැවසූයේ පසුගියදා ත්‍රිකුණාමල වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ සංචාරයකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූයේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් විසින් ත්‍රිකුණාමල වරායට නොපැමිණ එය පසුකර යන යාත්‍රා පිළිබඳ ගණනය කිරීමක් සිදුකළ යුතු බවත් ඒ සඳහා දැනට අක්‍රීයව පවතින දත්ත පද්ධතිය සක්‍රීය කොට කඩිනමින් අදාළ දත්ත තමා වෙත වාර්තා කිරීමට කටයුතු කරන ලෙසත් ය.

ත්‍රිකුණාමල වරාය ලාභය ඉපයිය හැකි වරායක් වන බවත් ඒ අනුව මෙමගින් ලබාදිය හැකි පහසුකම් හි වර්ධනයක් සිදුකිරීම අත්‍යවශ්‍ය වන බවත් එහිදී මෙම මුහුදු සීමාව පසුකරගෙන යන නෞකා ත්‍රිකුණාමල වරාය වෙත ආකර්ෂණය කරගැනීම සඳහා විවිධ ක්‍ර‍මෝපායන් දියත් කළ යුතු බවත් අමාත්‍යවරයා අදහස් දැක්වීය.

ඊට ප්‍ර‍ධාන වශයෙන් වරායට නොපැමිණ වරාය පසුකර යාත්‍රා කරනා නෞකා ප්‍ර‍මාණය ගණනය කිරීමක් සිදුකළ යුතු වේ. එහිදී මුහුදු මාර්ග, නැව් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා Radar Navigation System සහ Vessel Traffic Monitoring System යන දත්ත පද්ධති වරාය තුළ සවි කර ඇතත් එහි ඇති මෘදුකාංගයන්හි අඩුපාඩුවක් හේතුවෙන් දැනට එම පද්ධතිය අක්‍රියව පවතී.

එමනිසා වරාය කාර්යක්ෂමතාව හා සංවර්ධනය නංවාලීමේ අරමුණින් මෙම දත්ත පද්ධති වහාම උසස් මට්ටමින් ක්‍රියාකරවීමට හා එහි තත්ත්වය උසස් කිරීමට මෙම මාස 02 තුළ කඩිනමින් කටයුතු කරන ලෙස ගරු අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

Scroll to Top