ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ක්‍රියාත්මක වන බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙයුම සඳහා, ජපන් රජය, දළ වශයෙන් රුපියල් මිලියන 111 ක ආධාර මුදලක්,ඩෙල්වෝන් ඇසිස්ටන්ස් ෆෝ සෝෂල් හාමනි සංවිධානයට ලබා දීමට තීරණය කර ඇත.
2020 ජනවාරි මස 23 වන දින ජපන් තානාපති සුගියම අකිරා මහතා සහ ඩෑෂ් සංවිධානයේ කළමණාකාර ආනන්ද චන්ද්‍රසිරි මහතා මෙම ආධාර ගිවිසුමට කොළඹ පිහිටි ජපන් තානාපති කාර්යාලයේදී අත්සන් තැබීය.
මෙම ව්‍යාපෘතිය මගින් අවතැන් වූ උතූරේ ජනතාවට නැවත පදිංචි වී තම ජීවිකාවන් ආරම්භ කිරිම සඳහා ශ්‍රී ලංකා රජය මඟින් ක්‍රියාත්මක වන බිම්බෝම්බ වලින් තොර ආරක්ෂිත ප්‍රදේශ ඇති කිරීමේ වැඩපිළිවෙල සඳහා දායකත්වය දක්වනු ඇත. එමගින් කිළිනොච්චි, මුලතිව් හා යාපනය දිස්ත්‍රික්ක වල අවතැන්වූ පවුල් 350කට වැඩි ප්‍රමාණයකට ඍජු හා වක්‍ර අයුරින් තම ජීවනෝපාය කරගනිමින් බිම්බෝම්බ වලින් තොරවල ආරක්ෂාකාරීව නැවත පදිංචි වීමට අවස්ථාව සැලසෙනු ඇත.
වර්ෂ 2003 සිට මෙි දක්වා ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට අරමුදල් ප්රදානය කිරීමෙි ප්‍රමුඛතමයා මෙන්ම, දැනට මෙරට ක්‍රියාත්මක වන බිම්බෝම්බ ඉවත්කරන්නාවූ රාජ්‍ය නොවන සංවිධාන හතර සඳහාම ආධාර සපයන එකම රටද ජපානයයි. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි බිම්බෝම්බ ඉවත් කිරිමේ කාර්යයන් සඳහා ජපානය තම ආධාර සැපයීමේ වැඩ සටහන යටතේ බිම් මට්ටමේ මානව ආරක්ෂණය සඳහා වන ආධාර ව්‍යාපෘතිය මගින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 37 ක් ලබා දී ඇත.
එම ජපන් ආධාර යටතේ 2019 වර්ෂය අවසන් වන විට ඩෑෂ් සංවිධානය විසින් වර්ග කිලෝමීටර 5 කට වැඩි බිමි ප්‍රදේශයක පැතිර තිබූ බිමිබෝමිබ ඉවත් කර ඇති අතරල ඒ මගින් හමුවූ බිම්බෝම්බ 47,639 ක් හා යුද්ධයෙන් පසු ඉතිරි වූ පුපුරණ ද්‍රව්‍ය කොටස් 55,561 ක් විනාශ කර ඇත.
ඉදිරි වසර කීපය තුල ශ්‍රී ලංකා රජයේ අරමුණ වනුයේ ලංකාව බිම්බෝම්බ බලපෑමෙන් පූර්ණ වශයෙන් නිදහස් කර ගැනීමටත්ල ලෝකයේ රටවල් අතුරින් මෙම බලපෑමෙන් නිදහස් වූ මීලග රට ශ්‍රී ලංකාව බවට පත් කර ගැනීමත්ය. ජපන් රජය විසින් මෙම ව්‍යාපෘතිය හරහා සියල්ලන්ටම ආරක්ෂිත රටක් සහතික කිරීමෙි උත්සාහය වෙනුවෙන් උපකාර කරනු ලබයි.
මෙම ආධාර මුදල පිළිබඳව අදහස් දක්වමින් ආනන්ද චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කර සිටියේී ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියේ මූලාරමිභයේ සිට දශක හයකට වැඩි කාලයක් විශාලතම ආධාර සපයන්නා ලෙස ජපන් රජය දැක්වූ සමීප මිත්‍රත්වය හා පරිත්යාගීිලිත්වය සෑම ශ්‍රී ලංකිකයෙකු විසින්ම ඉමහත් ලෙස අගය කරණු ලබන බවත්ල එමෙන්ම 2010 සිට අද දක්වා බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල දේශීය සංවිධානයක් ලෙස සාර්ථකව නිරත වීමට ඩෑෂ් සංවිධානයට හැකියාව ලැබුනේ ජපන් රජයේ අඛන්ඩ දායකත්වය මත බැවින් එය මෙි අවස්ථාවෙි ඉතාමත් ස්තුතිපූර්වකව සිහිකරන බවත්ය.
තවද ජපන් ආධාර යටතේ ඩෑෂ් සංවිධානය මගින් නිදහස් කරගනු ලබන බිමි ප්‍රදේශ වල යටිතල පහසුකමි දියුණු කිරීමටත්, අවතැන් වු පුද්ගලයන් නැවත එහි පදිංචි කිරීමටත්, එතුළින් ඔවුන්ගේ ජීවිත හා ජීවිකාවන් ගොඩනැංවීමටත් හැකි වී තිබෙන අතර තවද ශ්‍රී ලංකා රජයෙන් ක්‍රියාත්මක වන සාමය සහ සංහිඳියාව සඳහා වන ප්රයත්නයට හැකි පමණින් හෝ ශක්තියක් වෙමින් ඩෑෂ් සංවිධානයට ආධාර සපයන මාහැඟි ප්රදායකයින්ගේ මූල්‍යාධාර හරහා උතුරෙහි අසරණභාවයට පත්ව ඇති තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවකට රැකියා අවස්ථා ලබාදීමටත් බලාපොරොත්තු වන බවයි.