Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පළමු පෙළ කි‍්‍රකට් ක‍්‍රීඩකයන් රැසක් බිහිකල නාලන්දාවේ හිටපු විදුහල්පති සමුගනි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පළමු පෙළ කි‍්‍රකට් ක‍්‍රීඩකයන් රැසක් බිහිකල කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකු වූ ධර්ම ගුණසිංහ මහතා 90 වැනි වියට පා තබන්නට දින දෙකක් තිබියදී  අභාවප‍්‍රාප්ත විය.

කීර්තිධර සාහිත්‍යධරයකු වූ ආචාර්ය සිරි ගුණසිංහ මහතාගේ සහෝදරයා වූ ධර්ම ගුණසිංහ මහතා තම පැරණිතම මිතුරා වන ආචාර්ය ඒ ටී ආරියරත්න මහතා සමඟ එක්ව සර්වෝදය ව්‍යාපාරයද ආරම්භ කලේය.

නාලන්දාවේ ස්වර්ණමය යුගය සටහන් කිරිමට හිටපු විදුහල්පතිවරයකු වූ ධර්ම ගුණසිංහ මහතාට හැකි විය. ඒ අපේ රටට පළමු පෙළ ක‍්‍රිකට් ක්‍රීඩකයින් රැසක්   බන්දුල වර්ණපුර , මහේල ජයවර්ධන, කුමාර් ධර්මසේන, සනත් කලූපෙරුම, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ ඇතුළු පළමු පෙළ කි‍්‍රකට් ක‍්‍රීඩකයන් රැසක් ද තවත් විශිෂ්ඨයින් රැසක් ද රටට දායාද කරමිනි.

1958 දශකයේ මුල් කාලයේ විද්‍යා ගුරුවරයකු ලෙස නාලන්දා කාර්ය මණ්ඩලයට එක්ව පුරා වසර විස්සක් තිස්සේ එහි සේවය කළ ගුණසිංහ මහතා  1990 දී විශ‍්‍රාම යනතුරු සේවය කළේය.

ධර්ම ගුණසිංහ මහතාගේ දේහය අද (23) පෙරවරු 8.30 සිට ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර හෙට (24) පෙරවරු 8.30 සිට නාලන්දා විද්‍යාලයීය මලලසේකර ශාලාවේ තැන්පත් කරයි.

එදින පස්වරු සිට 3.30 ට අවමංගල්‍ය පෙරහර පාසලෙන් පිටත්වන අතර පස්වරු 4 ට බොරැල්ල කනත්තේ දී අවසන් කටයුතු සිදු කෙරේ.

Scroll to Top