Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වසා දමා ඇති කර්මාන්තපුර යළි පණ ගැන්වීමට යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

උතුරු නැගෙනහිර පිහිටි රාජ්‍ය ව්‍යවසාය සමීපව නිරීක්ෂණ කිරීමේ සිව්දින නිල චාරිකාවේ යෙදී සිටින කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ලංකා කාර්මික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ පවතින කර්මාන්තපුර රැසක ද නිරීක්ෂණයේ යෙදිණි.

පළමු දිනයේ දී මඩකලපු කර්මාන්තපුරය ද , දෙවන දිනයේ දී අච්චුවේලි කර්මාන්තපුරය ද, වව්නියාව පුන්තෝට්ටම්, හා වැලිඔය කර්මාන්තපුරයන් ද ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

මෙම කර්මාන්තපුර නිරීක්ෂණයට අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ රංජිත්, කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වින්දික පියරත්න, ලංකා කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ද එක් ව සිටියහ. මෙහිදී වසා දමා ඇති කර්මාන්තපුර යළි පණ ගැන්වීම හා පවත්වාගෙන යන කර්මාන්ත පුරයන්හි අඩුපාඩු සපුරා දීම ආදී පියවර රැසක් ඉදිරියේ දී ගැනීමට නියමිතය.

Scroll to Top