එළඹෙන උත්සව සමය ආරම්භ වීමට ප්‍රථම බස්නාහිර පළාත තුළ සියලුම වෙළඳසැල් පරීක්ෂා කොට ආරක්ෂාව සුරක්ෂිතභාවය සහතික කළ යුතු බව ආණ්ඩුකාරවර සීතා අරඹේපොල මහත්මිය ප්‍රකාශ කළා.
ඒ අද දින බස්නාහිර පළාත් සභා කාර්යාලයේ දී.ගම්පහ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය නිලධාරීන් හමුවීමෙන්.
මේ අතර එහිදී ආණ්ඩුකාරතුමිය පැවති යෝජිත ක්‍රමවේදය විධිමත් කිරීමට සහ එහි,ප්‍රමිතිය පිළිබඳව දිගින් දිගටම පසු විපරම් සිදු කරන ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දුන් අතර ඩෙංගු මර්ධන වැඩසටහනට දක්වන සහයෝගයට ස්තුතිය කළා.
ආණ්ඩුකාරතුමිය පසුගිය සතියේ කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍යය නිලධාරීන් ද හමුවුණා.
මෙම හමුව සඳහා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකාව,බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්,පළාත් පාලන ලේකම්තුමිය ඇතුළු පිරිසක් සම්භන්ධ වුණා.