Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තලවකැලේ අපිරිසිදු වෙලදසැල් රැසකට නෛතික පියවර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තලවකැලේ ලිදුල නගර සභාව යටතේ පාලනය වන තලවකැලේ නගරයේ ආපන ශාලා , එලවළු වෙලදසැල් සහ සිල්ලර වෙලදසැල් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්ගේ හදිසි පරික්ෂාවට ලක් කෙරිණ.

තලවකැලේ නගරයේ ආපන ශාලා ඉතා අපිරිසිදුව පවත්වාගෙන ගිය ආපන ශාලා හිමියන් දස දෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමටත්, තවත් ආපනශාලා හිමියන් රැසකට එම ආපන ශාලා වල තිබු අඩුපාඩුකම් සපුරා  ගැනිමට දින 14 ක කාලයක් ලබාදෙනු ලැබුවා.

මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සිදු කල හදිසි පරික්ෂාවේදි මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයේ පිලියෙළ කර තිබු ආහාර පාන කිහිපයක්ද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් විනාශ කල අතර , ඇතැම් ආපන ශාලා හිමියන් විසින් පිලියෙල කරන ලද ආහාර ඇසුරුම් කිරිම සදහා මුද්‍රිත කඩදාසි යොදාගෙන තිබු අතර එම මුද්‍රිත කඩදාසි මින් ඉදිරියට ආහාර ඇසුරුම් කිරිමට භාවිතා නොකරන ලෙසට පරික්ෂාව සිදු කල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ආපන ශාලා හිමියන්ව දැනුවත් කරනු ලැබුහ.

තවද ආහාර පිසිම සදහා ඇතැම් ආපන ශාලා හිමියින් ආපන ශාලාවේ මුළුතැන්ගෙහි උපයෝගි කරගෙන තිබු ප්ලාස්ටික් උපකරණ කිහිපයක්ද භාවිතයෙන්  ඉවත් කිරිමට මෙම පරික්ෂාවේදි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් කටයුතු කරනු ලැබුහ.

එලවළු වෙලදසැල් වල  නරක් වු ඇතැම් එලවළු සුද්ද කර අලෙවි කිරිමට වෙලදුන් කටයුතු කර තිබු අතර, එම එලවළුද හදිසි පරික්ෂාවට එක් වු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් විනාශ කරනු ලැබුහ.

Scroll to Top