මහ මැතිවරණය සදහා අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමේදී ශ්රී ලංකා නිදහස් පක්ෂයට තුනෙන් එකක අපේක්ෂක ප්රතිශතයක් ලබාදිය යුතු යැයි එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්රමාණය අනුව එම තීරණයට එළඹ තිබෙන බව ද සදහන් කළේය.
ඡන්ද ලකුණ සහ අපේක්ෂක ප්රතිශතය සම්බන්ධයෙන් දැනට ඇතිකරගෙන තිබෙන එකගතා අනුව ඉදිරි කටයුතු සිදුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද මහලේකම්වරයා කියා සිටියි.