ඉදිරි පාර්ලිමේන්තු සතියේදි ගනු ලබන කරුණු පිළිබඳව සාකච්ඡා කිරිමට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද සවස 3.00ට පාර්ලිමේන්තු සංකිර්ණයේදි හමුවීමට නියමිතය.