2019 – 2020 ශ්‍රි පාද වන්දනා වාරය සදහා නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් බුලත්විට අලෙවි කිරිම සහ බුලත් විට කැම සම්පුර්ණයෙන්ම තහනම් කර ඔසුවිට නමින් වෙලදපොලේ අලෙවි කරන විටකට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් අවසර ලබා දි ඇති බව නල්ලතන්නිය ප්රාදේශවාසින් කියා සිටියි.
ශ්‍රි පාද පුදබිමේ බුලත්විට කා කෙල ගැසිම සහ බුලත් විට වල දුම්කොල සහ හුණු අඩංගු නිසා පිලිකා රෝග ඇති විමේ අවධානමක් පැවතිම හේතුවෙන් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් මෙවර ශ්‍රි පාද වන්දනා වාරයේදි බුලත් විට අලෙවි කිරිම තහනම් කර ඇති බවයි නල්ලතන්නිය ප්‍රදේශවාසින් කියා සිටින්නේ.
බුලත් විට තහනම් කලද පෞද්ගලික අංශය විසින් ආයුර්වේද ඖෂධ වර්ග ගණනාවකින් සමන්විත බව පවසමින් රු 50 කට අලෙවි කිරිම සදහා ඔසුවිට නමින් පෞද්ගලික අංශය මගින් විටක් වෙලදපොලට නිකුත්කර ඇති බවත් එම විට නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා මාර්ගයේ දෙපස වෙලදසැල් වල අලෙවි කරන බවයි ශ්‍රි පාද වන්දනාකරුවන්ද කියා සිටින්නේ.
ශ්‍රි පාද වන්දනා සමයේදි බුලත් විට අලෙවි කර තම ජිවන උපාය සිදු කරගෙන ගිය ප්‍රදේශවාසින් ගණනාවක් සිටි බවත්, බුලත් විට අලෙවි කිරිම මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් තහනම් කිරිම නිසා ඔහුන්ද ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි සිටින බවයි නල්ලතන්නිය නගරයේ ව්‍යාපාරිකයන්ද පවසන්නේ.
මෙම ගැටළුව සම්බන්ධයෙන් අප නල්ලතන්නිය මහජන සෞඛ්‍යය පරික්ෂක කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂක ජි.ජි.එච්.එස්.ගෝදා පතිරණ මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ බුලත් විට අලෙවි කිරිමේදි එහි තුල දුම්කොල සහ හුණු තිබෙන නිසා එ පිලිකා රෝග ඇතිවිමේ අවධානමක් පවතින නිසාත් , බුලත් විට කැමෙන් පසු බුලත් කෙල ගැසිමෙන් පරිසරය අපිරිසිදු වන බැවින් සියළු දෙනාගේ එකගතාවය මත මෙවර ශ්‍රි පාද වන්දනා වාරයේදි බුලත් විට අලෙවි කිරිම සහ බුලත් විට කැම සම්පුර්ණයෙන්ම තහනම් කල බවයි.
අලුතින් වෙලදපොලට හදුන්වා දි ඇති ඔසුවිට කැමෙන් පසු කෙල ගැසිමක් සිදු නොකරන බවත්, ඔසු විට නිෂ්පාදනය කර ඇත්තේ දේශිය ඖෂධ ගණනාවක් එක් කර ගනිමින් බවය.
ආයුර්වේද වෛද්‍යය පර්යේෂණ ආයතනය මගින් ඔසුවිට ලියාපදිංචි කර ඇති බවත්,එහි සාම්පලයක් රජයේ අන්තරාදායක ඖෂධ පාලකවරයාට සහ රජයේ රස පරික්ෂකවරයාට යොමු කර වාර්තාවක් ලබා ගැනිමට කටයුතු කර ඇති බවද නල්ලතන්නිය මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියා.