වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු දහස දක්වා වැඩි කිරිමට රජය විසින් කැබිනට් අනුමැතියක් ලබාගෙන කටයුතු කිරිම අගය කරන බව දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මයිල්වාගනම් තිලකරාජ් මහතා පැවසිය.
තිලකරාජ් මන්ත්‍රිවරයා එ බව කියා සිටියේ කම්කරු ජාතික පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය විසින් හැටන් ඩි.කේ.ඩබ්ලිව් ශාලාවේ සංවිධානය කර තිබු තෛපොංගල් දින උත්සවයකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මයිල්වාගනම් තිලකරාජ් මන්ත්‍රිවරයා කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාකරනු ලැබුවේ සාමුහික ගිවිසුමක් අනුව බවත්, එම ගිවිසුම අහෝසි කර ඉදිරියේදි වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් රජය විසින්ම කටයුතු කල යුතු බවද මයිල්වාගනම් තිලකරාජ් මහතා වැඩි දුරටත් කියා සිටියා.
මෙම තෛපොංගල් දින උත්සවයට කම්කරු ජාතික පෙරමුණේ සහ ජාතික කම්කරු සංගමයේ සභාපති සහ හිටපු අමාත්‍යය පලනි දිගම්බරම් මහතාද සහභාගි විය.