දෙනුවර මැණිකේ දුම්රිය දිනපතා ධාවනයට එක් කරන බව දුම්රිය රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.
කොළඹ කොටුවේ සිට දිනක් හැර දිනක් ධාවනය වන දෙනුවර මැණිකේ නගරාසන්න දුම්රිය ලබන මස 02 වැනි දින සිට දිනපතා ධාවනයට එක් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ බැව් කියා සිටියේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ දෙනුවර මැණිකේ දුම්රිය අඩුපාඩුකම් සොයා බැලිම සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා එම දුම්රියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව එම දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කල අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා කියාසිටියේ දුම්රිය සේවය ගුණාත්මක ප්‍රවාහන සේවයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවයි.
දුම්රිය ප්‍රවාහන සේවයට නව තාක්ෂණය යොදා ගනිමින් කටුනායක ගුවන් තොටුපලේ සිට දුම්රිය ප්‍රවේශ පතක් දෙස් විදෙස් සංචාරකයින්ට නිකුත් කිරිමට තමන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය.
සාමාන්‍ය මගියෙකු මෙන් කිසිවෙකුටත් නොදන්වා තමන් මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වූ බවත් අමාත්‍යවරයා කියා සිටියේය.