ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය ලබා නොදුන් විශාල ජන්ද දායකයින් පිරිසක් එතුමන් කෙටි කාලයක් තුල මේ රටේ සිදු කරන කටයුතු පිලිබදව දැක එළඹෙන මහ මැතිවරණයේදි එම පිරිස ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක් විමට ඉදිරිපත් වි සිටින බව විදුලි බල රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා එ බැව් කියා සිටියේ නාවලපිටිය පස්භාගේ කොරළය විසින් ප්‍රධාන කාර්යයාලයේදි සංවිධානය කර තිබු ඵලදායි උදාවක් සපිරි ගමක් ජංගම සේවය සහ මහ ජන හමුවට අමාත්‍යවරයා එක් විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.
එක්සත් ජාතික පක්ෂය අද සජිත් පිල , කරු පිල සහ රනිල් පිල යනුවෙන් තුනට කැඩි ඇති බවත්, රංජන් රාමනායකගේ හඩ පට සිද්ධියත් සමග එක්සත් ජාතික පාක්ෂිකයන් තුල මේ වන විට දැඩි කලකිරිමක් ඇති වි ඇති බවයි.
එ අනුව ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ 2/3 අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
වතු කම්කරුවන්ට රු දහසක දෛනික වැටුප රාජය මගින් වැඩි කල බවත් එම වැටුප වැඩි කිරිමට වතු සමාගම් කටයුතු නොකරන්නේ නම් එම වතු සමාගම් රජයට භාර දිය යුතු බවයි අමාත්‍යයවරයා පවසන්නේ.
වතු සමාගම් ඉල්ලන සහන ලබා දිමට රජය සුදානම් බවත්, එම සහන ලබා දිමෙන් පසු වතු කම්කරුවන්ට රු දහසක දෛනික වැටුප ලබා නොදෙන්නේ නම් එම වතු සමාගම් රජයට පවරා ගන්නා බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
මැතිවරණයට ප්‍රථම රජයට අයවැයක් ඉදිරිපත් කිරිමට අවශ්‍යය නොවන බවත්, රජය පවත්වාගෙන යාමට ප්‍රතිපාදන අවශ්‍යය තරම් ඇති බවත්, මහින්දානන්ද අලුත්ගමගේ මහාතා පැවසිය.
පස්භාගේ කොරලේ විසින් සංවිධානය කර තිබු ජංගම සේවයට නාවලපිටිය ප්‍රාදේශිය සභාව , නාවලපිටිය පොලිසිය ඇතුළු රාජ්‍යය ආයතන කිහිපයක්ද එකතු වි සිටිහ.
මෙම ජංගම සේවයට පස්භාගේ කොරලේ ප්‍රාදේශිය සභාවේ සභාපති යු.ජි.රොහණ මහතාද සහභාගි විය.