ශ්‍රී ලංකාව තුළ දුම්රිය සේවයේ ආරම්භයේ සිට, දුම්රිය මාර්ග සඳහා ප්‍රධාන වශයෙන් ලී සිල්පර භාවිත කර තිබේ. මුල් අවස්ථාවේ සිල්පර වශයෙන් යොදා ගන්නා දැව ලෙස භාවිතා කර තිබුනේ ඉතා ශක්තිමත් මෙන්ම වටිනා දැවයක් වන පළු ලී ය.
එහෙත් දැනට රටේ පවතින දැඩි දැව හිගය හේතුවෙන් භට විකල්ප වශයෙන් කොන්ක්‍රීට් සිල්පර යොදා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. එමෙන්ම ලී සිල්පර ඉල්ලුම සපුරාලීමට රාජ්‍ය දැව සංස්ථාවට ද නොහැකි වි තිබේ.
එමනිසා වර්තමානයේ දී දුම්රිය මාර්ග ඉදි කිරීමේ දී පවතින ලී සිල්පර හිඟය මඟහරවා ගැනීම සඳහාත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට ක්‍රියාත්මකව පවතින විවිධ ව්‍යාපෘතීන් සඳහා ඇති සිල්පර අවශ්‍යතාව සපුරාගැනීමට කොන්ක්‍රීට් සිල්පර වැඩි වශයෙන් යොදා ගැනීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී තිබේ.
ඒ අනුව, ඉදිරි මාස 30ක කාලය සඳහා, කොන්ක්‍රීට් සිල්පර 100,000ක් සැපයීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ප්‍රවාහණ සේවා කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පිරිනැමීමට අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ඒ අනුව කොන්ක්‍රීට් සිල්පර ලක්ෂයක් මිල දී ගැනීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 68.76 කි.