Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොටගල අපිරිසිදු වෙලදසැල් නිතියේ රැහැනට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොටගල සෞඛ්‍යය වෛද්‍යය අධිකාරි කාර්යයාලය යටතේ පාලනය වන හැටන් කොටගල නගරයේ ආපන ශාලා සහ අපිරිසිදුව වෙලදසැල් සහ අවට පරිසරය අපිරිසිදුව පවත්වාගෙන යන නිතියේ රැහැනට කොට කර ගැනිම සදහා මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් හදිසි පරික්ෂාවකට ලක් කරනු ලැබුවා.

හැටන් කොටගල නගරයේ ආපන ශාලා ඉතා අපිරිසිදුව පවත්වාගෙන ගිය සිව් දෙනෙකුට අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමටත්, කොටගල නගරයේ පැරණි යකඩ අබලි ද්‍රව්‍යය එකතු කරන වෙලදසැලක ඩෙංගු මදුරු කිටයන් බෝ වන සේ සහ මහජන පිඩාවක් වන ආකාරයට වෙලදසැල පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට එරෙහිවද නෛතික පියවර ගැනිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කරනු ලැබුහ.

කොටගල නගරයේ තවත් ආපන ශාලා කිහිපයක පවතින අඩුපාඩුකම් සපුරාලිමට එම ආපනශාලා හිමියන්ට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් දින 14 ක කාලයක් ලබා දුන් අතර , එම කාලය තුල අදාල අඩුපාඩුකම් සපුරා නොගන්නා ආපන ශාලා හිමියන්ට එරෙහිවද නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි වැටලිම සිදු කල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

Scroll to Top