දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර අමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය අද අලුයම දිවයිනට පැමිණියා ය. සිය සංචාරයේදී මෙරට රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරින්, සිවිල් සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ මහතා ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියටත් ක්‍රියා කරන බව පවසයි.ජපාන ව්‍යාපාරික ප්‍රජාව අතර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන බව ද වැඩිදුරටත් පැවසිය.
චීන විදේශ කටයුතු ඇමති වන්ග් යී මහතා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියේ ය. ශ්‍රී ලංකා ජනාධිපති , අගමැති හා ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරෝෆ් මහතා අද දිවයිනට පැමිණීමට නියමිතයි.
රුසියානු විදේශ අමාත්‍යවරයා ජනාධිපති සහ අගමැති හමුවීමට නියමිතයි.