2019-2020 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කර මේ මස 11 දිනට මාසයක් ගත වි ඇති බවත්, එම කාලය තුල මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 150 දෙනෙකු පමණ සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා පැවසිය.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට එම කාලය තුල හෙරොයින් , අයිස් , කේරල ගංජා , ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි, නිති විරෝධි දුම්වැටි, මත් පෙති රැගෙන පැමිණි තරුණයනුයි මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ.
හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකරුවන් 110 දෙනෙකු වරද පිලිගෙන ඇති නිසා ඔහුන්ට දඩ මුදල් නියම කර මුදා හැර ඇති අතර , එසේ මත්ද්‍රව්‍යය රැගෙන පැමිණි තවත් තරුණයන් 40 දෙනෙකුට එරෙහිව මේ මස 21 දින අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවයි හැටන් පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.
හැටන් පොලිස් කොට්ඨාශ දුෂන මර්දන ඒකකය , හැටන් පොලිසිය , නල්ලතන්නිය පොලිසිය , මස්කෙලිය පොලිසිය මෙසේ මත්ද්‍රව්‍යය රැගෙන පැමිණි තරුණයන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබු බවත්, ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍යය රැගෙන ඒමෙන් වලකින ලෙසට කර ඇති ඉල්ලිමට පටහැනිව කටයුතු කරමින් තවදුරටත් මත්ද්‍රව්‍යය රැගෙන එන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිමට විශේෂ සොදිසි මෙහෙයුමක් තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.
ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍යය රැගෙන එන වන්දනාකරුවන්ට කිසිදු සමාවක් පොලිසිය විසින් ලබා නොදෙන බවද පොලිස් අධිකාරිවරයා තරයේ කියා සිටිහ.