Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රි පාද රක්ෂිතයේ මැණික් ගැරු පස් දෙනෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් ශ්‍රි පාද රක්ෂිතයේ සහ කෙසෙල්ගමුඔයේ අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් පස් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්රසෝ වතු යායට ආසන්නයේ පිහිටි ශ්‍රි පාද රක්ෂිතයේ මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් බගවන්තලාවේ සිට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය රක්ෂිතයේ මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකුයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සමග මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් සහ සැකකරුවන් විසින් ගොඩ දමා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් පස් දෙනා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, සැකකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

Scroll to Top