Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණ තරුණයන් 20 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 20 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා පැවසිය.

සති අන්ත දිර්ඝ නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍යය රැගෙන එන වන්දනාකරුවන් පරික්ෂා කිරිම සදහා හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් හැටන් ෂැනන් සහ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ  රථ වාහන නතර කර සිදු කරන ලද පරික්ෂාවලදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකි වු බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

කේරල ගංජා , මදන මෝදක ගුලි, නිති විරෝධි දුම්වැටි සහ මත්ද්‍රව්‍යය රැගෙන පැමිණ තරුණයන් පිරිසකුයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මිගමුව , කුරුණැගල , දඹුල්ල , කොළඹ , ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් අවුරුදු 20 ත් 30 අතර වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, එම සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව සැකකරුවන් අත්අඩංගුවට ගත් හැටන් පොලිස් කොට්ඨාශ දුෂන මර්දන ඒකකයේ නිලධාරින් පැවසිය.

ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍යය සහ මත්පැන් රැගෙන නොපැමිණෙන ලෙසට ජන මාධ්‍යය මගින් වන්දනාකරුන් දැනුවත් කර තිබියදිත් තවදුරටත් එම නියෝග නොපිලිපැද මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා වැඩි දුරටත් පැවසිය.

Scroll to Top