නුවරඑලිය නගරයේ ජාත්‍යන්තර පාසලක සිසු සිසුවියන්ට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු පාසල් සිසු සිසුවියන් 42 ක් සහ ගුරුවරුන් තිදෙනෙක් නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.
පාසල නිම වි පාසල් ක්‍රිඩාංගණයේ සිසු සිසුවියන් පිරිස සෙල්ලම් කරමින් සිටියදි පාසලේ බැද තිබු බඹර කුඩුවක් මතට පාසල් සිසුන් සෙල්ලම් කරමින් සිටි බෝලයක් ගැටිමෙන් බඹරුන් ඇවිස්සි පාසල් ළමුන්ට බඹරුන් පහර දි ඇති බවයි නුවරඑලිය පොලිසිය කියා සිටියේ.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කල සිසු සිසුවියන්ගේ තත්වය බරපතල නොවන බවත්, පාසලේ ගොඩනැගිල්ලක් මත බැද තිබෙන බඹර කුඩුව ඉවත් කරන ලෙසට නුවරඑලිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට නුවරඑලිය පොලිසිය දැනුම් දිමක්ද කර ඇත.
බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.