සෞඛ්‍යය අමාත්‍යංශය මගින් මේ රට තුල අලෙවි කිරිම තහනම් කර ඇති එන්.සි නැමති මත් ද්‍රව්‍යය ටින් 91ක් සහ දුම්කොළ උපයෝගි කරගෙන නිෂ්පාදනය කර ඇති මත්ද්‍රව්‍යය පැකට් 278 අලෙවි කිරිම සදහා ලග තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් සුරාබදු කාර්යයාලයේ ස්ථනාධිපති අයි.ජේ.ඒ පෙරේරා මහතා පැවසයි.
ඉන්දියාවෙන් මේ රටට නිතිවිරෝධි ලෙස ආනයනය කර ඇති මෙම එන්.සි නැමති මත්ද්‍රව්‍යය සහ දුම්කොළ උපයෝගි කරගෙන නිෂ්පාදනය කර ඇති මත්ද්‍රව්‍යය පැකට් පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරිම සදහා සැකකරු කොළඹ ප්‍රදෙශයෙන් රැගෙන විත් හැටන් ප්‍රදේශයේ සැකකරුවන් පදිංචි නිවසේ සගවා තිබෙන බවට ලද තොරතුරක් මත හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් මෙම වැටලිම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය ග්රුම් 10 බැගින් කුඩා ටින් 91 ක අසුරා තිබු අතර දුම්කොල උපයෝගි කර ගනිමින් නිෂ්පාදනය කර ඇති මත්ද්‍රව්‍යයද කුඩා පැකට් වලට අසුරා තිබුණි.
ග්රුම් 10 බැගින් වු එක් මත්ද්‍රව්‍යය ටින් එකක් පාසල් ළමුන්ට සහ වතු කම්කරුවන්ට ඉතා අධික මිලකට සැකකරු විසින් කාලයක් තිස්සේ අලෙවි කරමින් සිට ඇති බවයි මෙම වැටලිම සිදු කල සුරාබදු කාර්යයාලයේ නිලධාරින් පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ
අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය වල වටිනාකම රු අනුදහසක් පමණ වන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව මෙම වැටලිම සිදු කල හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් පැවසිය.