මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 170 දෙනෙක් රැගත් යුක්රේනයට අයත් මගී ප්රවාහන ගුවන්යානාවක් ඉරානයේ ටෙහෙරාන් ගුවන්තොටුපොළ සමීපයේදී අනතුරට පත්ව තිබේ.
අනතුරට පත්වන අවස්ථාවේදී බෝයිං 737-800 වර්ගයට අයත් යානාව ටෙහෙරාන් නුවර ඉමාම් කමෙයිනි ගුවන්තොටුපොළේ සිට පෙරවරු 6.12 ට යුක්රේනයේ කිව් ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් පැවැතියේය.
යානාව ගුවන්ගත කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසුව එය රේඩාර් තිරයෙන් මැකීගොස් ඇති අතර පසුව අනතුරට පත්ව ඇති බවට සොයා ගැණුණි.