විෂම භාග චිත්‍රපටියේ කමලසිරි හා රුවන්සිරි යන නිවුන් සොහොයුරන්ගේ චරිතයට පණ පොවනුයේ නිවුන් සොහොයුරන් දෙදෙනෙකි. එය සිංහල සිනමාවේ මෙතෙක් සිදුවූ විශේෂත්වයකි. චිත්‍රපටිය ලංකාවේ තිරගතවීමටත් පෙර ජාත්‍යන්තර සිනමා උළෙලවල් රැසක් නියෝජනය කරමින් සම්මාන රාශියක්ම දිනා ගැනීමට සමත්විය. ආසියාවේ හොඳම නඵවන් පස් දෙනා අතරට නිවුන් සොහොයුරන් ගේ වැඩිමහල් සොහොයුරා පත් වෙමින් ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් අත් කර දුන්නේය.
එසේ කීර්තියක් අත්කර දුන් නඵවන් දෙදෙනා වන පන්සිඵ වික්‍රමරත්න හා පන්කජ වික්‍රමරත්න සොයා අහුන්ගල්ල එගොඩමුල්ලේ පිහිටි රුවන් කීර්ති නිවෙසට ගියෙමි.
නිවෙසම චිත්‍රපටියේ දර්ශන ඇතුළත් කටවුට් වලින් සරසා තිබෙනු දකින්නට ඇත. සිය පියා වන සමන්ත වික්‍රමරත්න මහතා සමඟ මා හා එක්වුණු පන්සිඵ හා පන්කජ පිළිබදව දොඩමඵ වුණේ මෙසේය.
අපි දෙන්නා ඉගෙන ගත්තේ අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයේ. චිත්‍රපටියට රඟපාන්න ලැබුණේ අහම්බෙන්. අපේ විදුහලේ සංගීතය උගන්වන්නේ නයනා ගුරුතුමියයි. එතුමියගේ මහත්තයා වන ජයනාත් බෝදාහන්දි මහතා රංගන ශිල්පියෙක් මෙන්ම වෙළෙඳ දැන්වීම් නිර්මාණ ශිල්පියෙක්. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයෙන් 2012 වර්ෂය වෙනුවෙන් නිකුත් කළ කැලැන්ඩරයක් සඳහා අපි දෙන්නගෙන් මල්ලි හැර මමත් අපේ අක්කත් තෝර ගත්තා.
පොටෝ ගන්න කොළඹ එන්න කිව්වම මමයි අක්කටයි අමතරව මල්ලිත් එක්ක ගෙන ගියා. පොටෝ ගත්තට පසු මමයි මල්ලියි එකට තියල ගෙදර තියාගන්න පොටෝ එකක් ගහල දෙන්න කියල තාත්තා ඉල්ලුවා. සියලු පොටෝ එවකට ඇමැතිවරයා වූ විමල් වීරවංශ මහත්තයට පෙන්නුවම එතුමා තෝර ගෙන තිබුණේ අපි දෙන්නා ඉන්නා පොටෝ එකයි. අක්කගෙ පොටෝ එකයි.
විෂම භාග චිත්‍රපටියේ අධ්යක්ෂ ලලිත් රත්නායක මාමා 2017 දී මේ කතාව ලියා ගෙන නිවුන් සොහොයුරන් දෙදෙනෙක් සොයමින් ඉඳල තිබෙනවා. මාස හයක් තිස්සේ චිත්‍රපටිය කරන්න බැරිව ඉන්නා බවත් දන්න නිවුන් දෙන්නෙක් සොයල දෙන්න කියල ජයනාත් බෝදාහන්දි මහතාට කියල තිබෙනවා. ඒ වෙලාවේ එතුමා ළඟ තිබූ අපි දෙන්නගේ පොටෝ පෙන්නුවම ඒ වෙලාවෙම තෝර ගෙන තිබෙනවා.
ලලිත් මාමා අපි දෙන්න සොයා ගෙන රාජපක්ෂ විද්‍යාලයට ආවා. අපි දෙන්නා ට පුහුණුවක් දෙන්න අවශ්‍ය නිසා සති දෙකක් ලලිත් මාමලාගේ ගෙදර නතර කරන්න කිව්වා. තාත්තා මුලදී අකැමති වුණත් ලලිත් මාමගේ සහ ඒ නැන්දගෙ කරුණාවන්ත කම නිසා නතර කළා.
ඉන් පස්සේ අලව්ව, බලන්ගොඩ සහ මුල්ලේරියාව ආදී ප්‍රදේශවල දර්ශන රූපගත කළා. ලලිත් මාමා, ජැක්සන් ඇන්තනී මාමා, කෞශල්‍යා නැන්දා, හේමසිරි ලියනගේ සීයා, ප්‍රියන්ත සිරිකුමාර මාමා, වසන්ත මාමා මධුෂාන් මාමා ඇතුඵ පිරිස ලබා දුන් සහයෝගය නිසා කිසිම බියක් ඇති වුණේ නැහැ. අඩුපාඩු කියල දෙනවා.
චිත්‍රපටිය වලකුඹුර විද්‍යාලයේ රූගත කිරීම් කරල අවසන් දවසේ අපි සමග කතා තර තර ඉන්නවිට අපේ පවුලේ දුෂ්කරතාවයන් දැකල ලලිත් රත්නායක මාමා චිත්‍රපටිය නිෂ්පාදනය කරපු අඵදෙණියේ සුබෝධි හිමියන්ගෙන් ඉල්ලා සිටියා අපේ අධ්‍යාපනයට උදව්වක් කරන්න කියලා. ඒ අනුව කිරිබත්ගොඩ ඤණානන්ද හිමියන්ගේ මහමෙව්නා අසපුවෙන් පාලනය වන කඩුවෙල මහමෙව්නා බෞද්ධ විද්‍යාලයට ඇතුළත් වෙන්න ඉඩ ලැබුණා. 2018 වසරේ මැද භාගයේ දී විද්‍යාලයට ඇතුළත් වුණේ. මෙවර අපි දෙන්නා 10 වැනි ශ්‍රේණියටයි පාස් වුණේ.
අපේ තාත්තට ස්ථිර රැකියාවක් නැහැ. රියැදුරු රක්ෂාව කරන්නේ. අම්මටත් රැකියාවක් නැහැ. අම්ම තාත්තා ඇරුණම අපේ සහෝදර සහෝදරියෝ හත් දෙනෙක් ඉන්නවා.
මේ වන විට චිත්‍රපටියට සම්මාන විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ආසියාවේ හොඳම නඵවන් පස් දෙනා අතරට මම පත්වුණා. මල්ලිටත් සම්මාන ලැබුණා. හොඳම අධ්යක්ෂ හා තිර රචනයට ලිලිත් රත්නායක මාමට සම්මාන ලැබුණා. චීනයේ ෂැන්හයි වලදී මේ සම්මානය ලැබුණේ. ඊට අමතරව ඇමරිකාව භූතානය ඕස්ට්‍රේලියාව ආදී රටවල් ගණනාවකින් සම්මාන ලැබුණා.
ඉදිරියේ දී හොඳට ඉගෙන ගන්නා අතරම රඟපාන්නත් බලාපොරොත්තු වන බවත් ඔවුන් දෙදෙනා කියා සිටියහ.