බදුල්ල, පස්සර මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප්රදේශයේ ලංගම බස් රථයක් ප්රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් මේ වන විට 8 දෙනෙකු මරුමුවට පත්ව 40ක් බදුල්ල මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටිති.
බදුල්ල පස්සර හයේ කණුව ප්රදේශයේදී ඊයේ පස්වරු 4.30 ට පමණ ඇකිරිය බලා ධාවනය ආරම්භ කර ඇති මෙම බස් රථය අඩි 100 ත් 150 ත් අතර ප්රපාතයකට පෙරළීමෙන් අනතුරට ලක්ව තිබුණේ පස්වරු 5.20 ට පමණයි.
බස්රථ අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.