කාසල්රි ජලාශයට ප්රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ පරිසර හානියක් සිදු කරමින් බලපත්රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගැරු පස් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වත්ත ප්රදේශයෙන් කෙසෙල්ගමුඔයේ ගං පතුලේ තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගැනිම සදහා විශේෂයෙන් සකස් කරන ලද දිගු උදැල්ලක් ආධාරයෙන් සැකකරුවන් මැණික් ඉල්ලම් ගොඩගෙන කෙසෙල්ගමුඔයටම සොදමින් සිටි බවයි මෙම වැටලිම සිදු කල බගවන්තලාව පොලිසියේ නිලධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව සහ බලංගොඩ ප්රදේශවල පදිංචිකරුවන් බවත්, සැකකරුවන් අවුරුදු 35 ත් 40 අතර වයස් කාණ්ඩ වල පසුවන අය බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එම සැකකරුවන්ට එරෙහිව (07) දින හැටන් මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව බගවන්තලාව පොලිසිය පැවසිය.