Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගුවන් අනතුරෙන් මිය ගිය බලපන්ති ලුතිනන් ලංකාපුර කුලතුංග මහතාගේ අවසන් කටයුතු ගුවන් හමුදා අචාර මධ්‍යයේ සිදු කෙරිණ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හපුතලේ අයිස්පිල්ල ප්‍රදේශයේදි ගුවන් හමුදාවට අයත් වයි 12 ගුවන් අනතුරෙන් මිය ගිය එම ගුවන් යානයේ සහයක නියමුවා වශයෙන් කටයුතු කල බලපන්ති ලුතිනන් ලංකාපුර කුලතුංග මහතාගේ අවසන් කටයුතු (05) දින පස්වරුවේ හොඩියාදෙණිය වේගිරිය පොදු සුසාන භුමියේදි ගුවන් හමුදා ආචාර මධ්‍යයයේ සිදු කලහ.

මාර්ග මහ මාර්ග  සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා (05) දින පස්වරුවේ ගම්පොල හොඩියාදෙණිය වේගිරිය ප්‍රදේශයේ නිවසේ තැන්පත් කර තිබු ලංකාපුර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්විය.

ලංකාපුර මහතාගේ අවසන් කටයුතු සිදු කල අද (05) දිනයේ ඔහුට අවසන් ගෞරව දැක්විම සදහා ප්‍රදේශවාසින්ද විශාල පිරිසක් පැමිණ සිටිහ.

Scroll to Top