Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අනවසරව ඉඩම් අත්පත් කරගෙන ඉදිකරමින් තිබු වෙළදසැල් හතක් නතර කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බගවන්තලාව පොලිස් වසමට අයත් බගවන්තලාව ටින්සින් නගරයේ  ටින්සින් තේ වත්තේ කොටසක් අනසරෙන් අත්පත්කර ගනිමින් ඉදි කරමින් තිබු වෙලදසැල් හතක වැඩ කටයුතු නතර කිරිමට බගවන්තලාව පොලිසිය කටයුතු කර ඇත.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ටින්සින් නගරයේ පිහිටි නොර්වුඩ් ප්‍රාදේශිය සභා ප්‍රධාන කාර්යයාලය අසල නගරයේ ව්‍යාපාරිකයන් පිරිසක් විසින් ඔහුන් දැනට පවත්වාගෙන යන වෙලදසැල්වලින් කොටසක්  මාර්ග සංවර්ධන අධිකාරියේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා සලකුණු කර ඇති මායිම් වලට අසුවන නිසා වෙලදසැල් හිමියන් විසින් ඔහුන්ගේ වෙලදසැල් පසුපසට ගෙන ඉදි කිරිම සදහා බගවන්තලාව වැවිලි සමාගමට අයත් ටින්සින් තේ  වත්තේ කොටසක් අනවසරෙන් අත්පත් කරගෙන ඉදි කිරිම් සිදු කරන බවට වතු පාලන අධිකාරිය මගින් බගවන්තලාව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත බගවන්තලාව පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් පරික්ෂණයක්ද ආරම්භ කර ඇත.

අදාල ව්‍යාපාරිකයන් විසින් තේ වත්තේ මායිමෙන් කොටසක් කපා එම ඉඩමේ තිබු විශාල ගල්ද කඩා ඉවත් කර ඇති බවයි වතු පාලන අධිකාරිය මගින් බගවන්තලාව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සදහන් කර ඇත්තේ.

අදාල ව්‍යාපාරිකයන් විසින් ඔහුන් සතු වෙලදසැල් ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරිම සදහා නොර්වුඩ් ප්‍රාදේශිය සභාවෙන් කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බව ප්‍රාදේශිය සභාව මගින්ද පොලිසිය වෙත දැනුම් දි ඇත.

Scroll to Top