Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ අඩ්ඩු මැරතන් තරගයට සහය දක්වයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සම්මානලාභී ගුවන් සේවයක් වන ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ ගැන් දූපතේ පැවති ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වක් වන අඩ්ඩු මැරතන් තරඟය සදහා සිය අනුග්‍රාහකත්වය දැක්වීය. ශ්‍රීලංකන් ගුවන් සේවය ගැන් දූපත වෙත වසර තුනක මෙහෙයුම් ඇරඹීමේ සැමරුම වෙනුවෙන් ගැන් දූපතේ දී මෙම අඩ්ඩු මැරතන් තරගය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙහි දී ශ්‍රීලංකන් ගුවන් සේවය සිය අනුග්‍රාහකත්වය වෙනුවෙන් මුම්බායි සිට මාලදිවයින වෙත ගුවන් ටිකට් පත් ලබා ගැනීම සඳහා මුදල් ත්‍යාගයන් ලබා දෙන ලදී.

මාලදිවයිනේ ශ්‍රීලංකන් කළමනාකරු ෆවුසාන් ෆරීඩ් මහතා මෙසේ පැවසීය.  “ශ්‍රීලංකන් දශක ගණනාවක සිට මාලදිවයිනේ රජයේ බොහෝ වැඩසටහන් සඳහා සහාය ලබා දී තියෙනවා. ඒ වගේම දකුණු ආසියානු රටවල්  වන අසල්වැසි ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට එය උපකාරී වී තියෙනවා.

අපගේ ශ්‍රීලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාව තුළ  සහ අප මෙහෙයුම් ක්‍රියාත්මක කරන රටවල බොහෝ ක්‍රීඩා හා ජාත්‍යන්තර ඉසව්වලට සහාය වීමේ සම්ප්‍රදායක් තියෙනවා, ඒ නිසා මෙම ක්‍රීඩා ඉසව්වට සහයෝගය දැක්වීම ගැන අපි සතුටු වෙනවා. ”

තුන්වන වරටත් පවත්වන ලද අඩ්ඩු මැරතන් තරගය මෙවරත් මාලදිවයිනේ අඩ්ඩු නගර සභාව විසින් සංවිධානය කරන ලදී. මෙම මැරතන් තරගය පසුගිය දෙසැම්බර් මස 5 සිට 7 වෙනිදා  දක්වා  පැවැත්විණි. ඊට අමතරව ගුවන් සමාගම ගැන් දූපත වෙත වසර තුනක මෙහෙයුම් සිදු කිරීම සමරමින් දිවයින පුරා මහජනතාව වෙත නොමිලේ වෛද්‍ය කඳවුරක් පවත්වන ලදී.

අඩ්ඩු මැරතන් තරගය කිලෝමීටර් 100 ක දුරකින් සමන්විත වන අතර එයට  පූර්ණ මැරතන් තරඟයක්, අර්ධ මැරතන් තරඟයක්, කිලෝමීටර 10 ක අවීදීමක් සහ කිලෝමීටර් 5 ක නිදහස් ඇවිදීමකින් සමන්විත විය.  මෙම වසරේ තරඟ ඉසව්වේ විශේෂත්වය වූයේ පළමු වරට 100 k අල්ට්‍රා මැරතන් තරගය මාලදිවයිනට හඳුන්වා දීමය. සුදු වැලි සහිත වෙරළ, නිල් පැහැති කලපු සහ තල් ගස්වල සමන්විත පරිසරයකින් මෙම තරගාවලිය වර්ණවත් විය.  මෙම වසරේ මැරතන් තරඟය තේමාව වූයේ කොරල්පර ආරක්ෂා කිරීම සහ සාගරයේ ප්ලාස්ටික් දූෂණය අවම කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීමයි.

අහමඩ් ෂමූන් ෂාමීම් පිරිමි මැරතන් තරඟයේ ශූරයා ලෙසත් හුස්නා මොහොමඩ් කාන්තා මැරතන් තරඟයේ  ජයග්‍රාහිකාව ලෙස කිරුළු පැළඳීය. අර්ධ මැරතන් තරඟයේ පිරිමි ශූරයා වූයේ Satyendra Singh වූ අතර එහි කාන්තා අංශය Mariyam Maushoodha විසින් දිනාගන්නා ලදී. 10K පිරිමි ශූරයා වූයේ අබ්දුල්ලා නිහාෂ් රෂීඩ් සහ එහි කාන්තා ශූරිය ලෙස Aishath Nafha Nasheed තේරී පත්වූහ.  5K තරඟයෙහි පිරිමි ජයග්‍රාහකයා ලෙස Mohamed Jaush සහ කාන්තා අංශයේ ජයග්‍රාහිකාව ලෙස  Aishath Nafha Nasheed ලෙස තේරී පත්වූහ. 100K අල්ට්‍රා මැරතන් තරගය ධාවකයන් සිව්දෙනෙකු විසින් සම්පූර්ණ කරන ලදී.

ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ අගනුවර වන මාලේ සහ ගැන් දූපත යන ගමනාන්ත දෙක වෙත මෙහෙයුම් සිදු කරමින් කොළඹ හරහා රටවල් 58 ක නගර 130 ක ජාලයක් සමඟ සම්බන්ධ කරයි. වන්වර්ල්ඩ්  ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජික  ගුවන් සේවාවක්  වශයෙන්   වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා  හරහා   රටවල් 160 ගමනාන්ත 1000 දක්වා පියාසර කිරීමේ  පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට  හිමිවේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය 2019 වසරේ දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ  දී අඛණ්ඩව තුන්වන වරටත් දකුණු ආසියාවේ ‘ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවය’ ලෙස (‘Leading International Airline’ in South Asia ) සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම ශ්‍රීලංකන්  ව්‍යාපාරික පංතිය කලාපයේ සමස්ත ගුවන් සේවා  මැදිරි පංති අතරින්  “ප්‍රමුඛ පෙළේ ගුවන් මගී පන්තිය”  (‘Leading Airline Passenger Class – Business’) ලෙස නොකඩවා තුන්වන වරටත් සම්මානයට  පාත්‍ර විය.

ශ්‍රීලංකන්  ගුවන් සමාගම  ආසියා සහ ඕස්ට්‍රලේෂියා ලෝක සංචාරක සම්මාන උළෙලේ දී (World Travel Awards 2018 Asia and Australasia ) 2018  වසරේ ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ආසියාවේ  ප්‍රමුඛතම ගුවන් සේවය,”සඳහා  වන සම්මාන දිත්වය ද හිමිකර ගැනීමට සමත්විය.

තවද ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) සංවිධානය කරන ලද සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන්  ව්‍යාපාරික පංතිය කලාපයේ සමස්ත ගුවන් සේවා  මැදිරි පංති අතරින්  “ප්‍රමුඛ පෙළේ ගුවන් මගී පන්තිය”  (‘Leading Airline Passenger Class – Business’) ලෙස නොකඩවා තුන්වන වරටත් සම්මානයට  පාත්‍ර විය.

Scroll to Top