බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය මහනුවර ඓතිහාසික දළදා මාලිගාව වෙත ගොස් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තා.
පසුව මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් පසු මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රි විමලධම්ම අනු නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
එමෙන්ම අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරී නාරංපනාවේ ආනන්ද නාහිමියන්ද බැහැ දැක ,පසුව රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්‍රමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පෙමසිරි නාහිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර ගැටඹේ රාජෝපවනාරාමදී පති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නායක මාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
එම අවස්ථාවේ අතිපූජ්‍ය මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනාකර ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියට ආශිර්වාද කළේය.