ආනයනය කරනු ලබන අර්තාපල් අල සඳහා මෙතෙක් පැවති රු 50 ක විශේෂ වෙළඳ භාණ්ඩ (25 වන දින සිට) කිලෝ ග්‍රෑම් එකකට රු 25 දක්වා අඩුකර තිබේ.
නව රජය විසින් පත් කරනල ලද ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකාරක කමිටුව පසුගුයදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අවස්තාවේදී මෙම තීරණයට එලඹිණි.
ඒ අනුව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ සඳාහ වන ගැසට් නිවේදනය නිකුත් කරන ලද අතර එය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
මේ දිනවල වෙළඳපොලේ එලවලු මිල අධිකව පවතින බැවින් හා දේශීය අල ලබන පෙබරවාරි වන විට වෙළඳපොලට එන බැවින් මෙසේ අල සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු 25 කින් අඩු කර ඇත.